March, 7, 2017
අද (07) දින විවෘත කරන ලද BPPL Holdings සමාගමේ මූලික මහජන කොටස් නිකුතව සඳහා ආරම්භක දිනයේ දීම ලද අධිදායකත්වය හේතුවෙන් ආරම්භක දිනයේ දීම වසා දැමූ බව නිවේදනය කර සිටී.
මෙරට ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදකයෙකු හා අපනයනකරුවකු BPPL Holdings සමාගම Beira Group ලෙසින් ද හඳුන්වනු ලබයි.
රුපියල් මිලියන 368.22 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රුපියල් 12.00 බැගින් වූ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් මිලියන 30.685 ක් මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙහිදී BPPL Holdings සමාගම වෙනුවෙන් සමාගම් ලේකම්වරයා වන SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ දන්වා සිටින්නේ අදාළ කොටස් ප්‍රමාණය ඉක්මවා අයදුම්පත් ලැබී ඇති බවත් අද දින සවස 4.30 ට මෙම නිකුතුව වසා දැමූ බවත්ය.
Video Story