බෙල්ජියමේ ජාත්‍යන්තර වෙළෙඳ ඇමති ලංකාවට එයි

    February, 18, 2016

    නිල සංචාරයක් සඳහා බෙල්ජියමේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පීටර් ඩි ක්‍රෙම් මහතා අද දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

    ඒ මහතා ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ වැඩ බලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මෙගපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක සහ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන් හම්වීමට නියමිතය.

    එසේම බෙල්ජියම් අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වන බව වාර්තා කර තිබේ.