බොක්සිං ජවයෙන් ක්‍රීඩාලෝලීන් කුල්මත් කරමින් ‘Fitness First LK බලගන්වන Fight Night V’ මෙවරත් 

    July, 8, 2024

    ශ්‍රී ලාංකික ක්‍රිඩාලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින උද්වේගකර රාත්‍රියකදී, බොක්සිං, MMA හා කික්-බොක්සිං ක්‍රීඩාවේ සටන්කාමිත්වය විදහා දක්වමින් ‘Fitness First LK බලගන්වන Fight Night V’ ජූලි 27 වැනිදා පැවැත්විමට නියමිතය. කෝච් ජෙෂ්ගේ විශේෂඥ මග පෙන්වීම යටතේ බොක්සිං ක්‍රිඩකයින්ගේ දක්ෂතා විදහා දැක්වීමට Combat by Jesh විසින් සංවිධානය කරන මෙම බොක්සිං රාත්‍රිය, කොළඹ 07, Royal MAS Arena හිදී එදින ප.ව. 1.00 සිට පැවැත්වීමට නියමිතය.

    ඉතා කුඩා ආරම්භයක් සහිතව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන Fight Night V සටන් රාත්‍රිය, පසුව බොක්සිංලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව, කෙටි කලකින්ම සුවිශේෂී රසික පදනමක් කරා ව්‍යාප්ත වූවකි. අනතුරුව එය, වසර 4 කට පෙර  Royal MAS Arena හිදී දිග හැරුණු මහා සටන් රාත්‍රියක් දක්වා වර්ධනය විණි. කෝච් ජෙෂ්ගේ දැක්මට අනුව, සෑම පසුබිමකම බොක්සිං ක්‍රීඩකයින්ට දක්ෂතා මට්ටම අතින් සමාන ක්‍රීඩකයින් හා කරට කර සටනක් දීම සඳහා මෙවර  Fight Night V කදිම තෝතැන්නක් බවට පත් වේ.

    බොක්සිං ක්‍රීඩාව සම්බන්ධ වසර 25 ක වෘත්තීය දිවියක් සනිටුහන් කරනිමින්, ජාත්‍යන්තර තරග 52 කින් ජයග්‍රහණ අත්කර දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් කෝච් ජෙෂ්, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයම ජයග්‍රහණය කර ඇති පළමු හා  එකම ශ්‍රී ලාංකිකයාද වෙයි. “බොක්සිං ක්‍රීඩකයින් බර පමණක් නොව, අත්දැකීම්ද සලකා යුගළ කරන Fight Night V, බොක්සිං ක්‍රීඩාවේ විප්ලවීය වෙනසකටත් මග පාදනවා. මෙහිදී සෑම ක්‍රීඩකයකුටම කරටකර සටනක් දිය හැකි ප්‍රතිවාදියකු හා සටන් කිරීමිට හැකි බව සහතිකයි.” ඔහු අවධාරණය කරන්නේ එලෙසයි.

    මෙවර වැඩසටහනේ සුවිශේෂී අංගයක් ලෙසින් ‘Touch Boxing’ අංගය ඇතුළත් කර තිබෙන අතර, එය, ආරක්ෂිත පරිසරයක් තුළ අවුරුදු 4-8 අතර, බොක්සිං ක්‍රීඩාවෙහි නිරත වීම සඳහා කුඩා ක්‍රීඩකයින්  පොළඹවන්නකි. එමෙන්ම මෙවර ප්‍රදර්ශන තරගයක් ලෙසින්, විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ දක්ෂතා පිළිබිඹු කරන අංගයක්ද පැවැත්වේ. මෙරට බොක්සිං ක්‍රීඩාව සියලු දෙනාට විවෘත කිරීමත්, ප්‍රජාවේ එකමුතුව සඳහා වන කැපවිමත් එමගින්, පිළිබිඹු කෙරේ.

    එමපණක් නොව, බොක්සිං ක්‍රීඩාවේ විවිධත්වය විදහා දක්වමින් ක්‍රිඩිකාවන් සවිබල ගැන්වීම අරමුණු කරමින් එහි කාන්තා ශූරතාවලිය වන, Pink Belt පැවැත්වෙන අතර, ඒ සඳහා කාන්තා ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමේ කාර්යයෙහිලා සහය සලසන, BeWAXed සහ ස්වස්ථා සන්නාම සම-අනුග්‍රහය පිරිනමයි.  ඒ් අනුව, බහුල වශයෙන් පිරිමි ක්‍රීඩකයින්ගේ අණසකට නතුවන ක්‍රීඩාංගනයක, සිය සටන් කෞෂල්‍යය විදහා දැක්වීමට බොක්සිං ක්‍රීඩාකාවන්ට අවකාශ සැලසේ.

    ජාත්‍යන්තර ආකර්ෂණයද දිනා‌ගනිමින් පැවැත්වෙන, Fight Night V සටන් රාත්‍රිය ගෝලීය දක්ෂතාවන්ගෙන් වර්ණවත් කිරිමට,  ප්‍රවීණ රුසියානු බොක්සිං ක්‍රීඩකයෙක් හා ඇමරිකා එක්සත්  ජනපදයේ වයස අවුරුදු 13 න් පහළ ශූරයෙක්ද එක්වෙති. ඒ හැරුණු විට, එක්සත් ජනපදයේ ශූර MMA ප්‍රහාරකයකුගේ දස්කම්ද මෙහිදී දැකගත හැකි වේ.

    මේ සඳහා බොක්සිං ක්‍රීඩා සමාජ 16 ක් යටතේ ක්‍රීඩකයින් සහභාගි වන අතර, ස්වාධීන ක්‍රීඩකයින් තිදෙනකුගේ සහභාගිත්වයද හිමි වේ. ඒ අනුව, Fitness First LK විසින් සවිබල ගන්වන Fight Night V, බර පන්ති ගණනාවක් යටතේ ක්‍රීඩකයින්ගේ උණුසුම් බොක්සිං සටන් දැකගත හැකි අපූරු රාත්‍රියක් බවට පත්වේ.

    එලෙස පැවැත්වෙන, Fight Night හි පරමාර්ථය වන්නේ, බොක්සිං ක්‍රීඩාවේ නවකයින්ට හෝ ප්‍රවීණයන්ට ඒ් තුළින් සිය වෘත්තිය සකස් කර ගැනීමට අවැසි විශ්වාසය ඇති කරමින්, සියලුම වයස් කාණ්ඩවල බොක්සිං හා MMA ක්‍රීඩකයින් ඒ සඳහා ඇතුළත් කර ගනිමින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමයි. ඒ අනුව, ක්‍රිඩාලෝලීන් වැඩි පිරිසක් කරා එය රැගෙන යාමයි. මෙම පරමාර්ථයෙන්, මේ වසරේ පාසල්, විශ්ව විද්‍යාල හා ආයතන මට්ටමින් බොක්සිං වළල්ලට එක්වන බොක්සිං ක්‍රීඩකයින් IBA නීතිරීතින්ට දැඩිව අනුකූල වෙමින්, තියුණු තරගයකට අවතීර්ණ වනු දැකීම සතුටට කාරණයකි.

    ‘Fitness First LK බලගන්වන Fight Night V’ සටන් රාත්‍රිය සඳහා Cafe Kinross, Nawaloka Wellness Centre, FOA, Yetti, Merc Stop, Hydra, Bewaxed, Pure Hydra සහ Alcom  අනුග්‍රහය දක්වන අතර, මෙම සටන් රාත්‍රිය සඳහා  සහභාගී වන සියලුම ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීමට, ඔවුහු ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කරති.

    ‘Fitness First LK බලගන්වන Fight Night V’ සටන් රාත්‍රිය සඳහා ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා,  First LK වෙබ් අඩවිය වෙත පිවිසෙන්න, නැතිනම්, 0703276950,  0773104181 යන දුරකතන අංක ඔස්සේ Fitness First LK හා සම්බන්ධ වන්න.