March, 26, 2026
ඊයේ (25) දිනයේ දී කැපීපෙනෙන පහළ යාමක් වාර්තා කළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (26) දිනයේ දී නැවත වරක් මිල ඉහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් පවතී.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (26) පස්වරු 1.00ට ආසන්න වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 සීමාවට පැමිණ තිබුණි.
ඊයේ (25) දිනයේ දී එහි අගය ඩොලර් 100 මට්ටමින් පහළට පැමිණ තිබුණු අතර, විශ්ලේෂකයින් පවසන්නේ එක්සත් ජනපදය විසින් ඉරානය වෙත ඉදිරිපත් කර තිබූ සාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙලෙස ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ යළිත් වතාවක් උච්ඡාවචනයන්ට මුහුණ දෙමින් සිටින බවයි.
Video Story