August, 22, 2024
2024-11-15 සිට 2025-04-14 දක්වා කාලය තුළ 100% ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ (100% Ex. Storage Modality) මර්බන් බොර තෙල් නැව් තොග 03ක් (බැරල් 2,100,000 +/-5%) ප්‍රසම්පාදනය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ.
තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම සමාගම වෙත කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.