November, 11, 2015
රජයේ කෙටීකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද දින සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රුපියල් මිලියන 5,780 ක මුදලක් සම්පාදනය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි වී තිබේ.
මෙහිදී දින 364 ක පරිණත කාලයකින් යුතු භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 5,780 ක ප්‍රමාණයක් වෙන්දේසියේ දී අලෙවි වී තිබිණි. මේ සඳහා තීරණය වී තිබූ පොළී අනුපාතිකය 6.94% කි. පසුගිය සතියේ වෙන්දේසියේ දී දින 364 ක පරිණත කාලයකින් යුතු බිල්පත් සඳහා තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 7% කි.
කෙසේ වෙතත් රුපියල් මිලියන 20,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් අද දින වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණි.
Video Story