භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සියළුම ලංසු විසිකරයි

    October, 1, 2014

    අද පැවති මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ලැබුණු සියළුම ලංසු (Bids) ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (Public Debt Department) සඳහන් කරන්නේ මේ සතියේදී රුපියල් බිලියන 1.5 ක් වටිනා මාස හයේ භාණ්ඩාගාර බිල්පත් (06 Month Treasury Bills) හා රුපියල් බිලියන 4.5 ක් වටිනා අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පත් (12 Month Treasury Bills) වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ බවයි.

    මාස හයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා 22,762 ක ලංසු (Bids) හා අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පත් සඳහා 52,875 ක ලංසු ලැබී වෙන්දේසියට අධි ඉල්ලුමක් (Oversubscribed) ඇතිවී තිබේ.

    මහ බැංකුව විසින් පිට පිටම දෙවන වරටත් මේ සතියේදී මාස තුනේ භාණ්ඩාගාර බිල්පත් (03 Month Treasury Bills) වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළේ නැත.

    Video Story

    Stock Market

    Exchange Rates