භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ ලංසු ප්‍රතික්ෂේප වෙයි

    January, 27, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාාගර බිල්පත් වෙන්දේසියේ සඳහා ඉදිරිපත් වූ කිසිදු ලංසුවක් හෝ භාර නොගැනීමට මහ බැංකුව විසින් කටයුතු කර තිබේ. අපේක්ෂිත පොළී අනුපාතිකයන්ට අනුව ලංසු නොලැබී යාම මීට හේතුවයි.

    කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 2,500 ක්, දින 182 – මිලියන 10,000 ක් හා දින 364 – මිලියන 10,000 ක් වන පරිදි රුපියල් මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

    මෙහිදී දින 91 - රු. මිලියන 18,630 ක්, දින 182 - රු. මිලියන 15,842 ක් හා දින 364 - රු. මිලියන 16,024 ක් ලෙසින් සම්පූර්ණ වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 50,496 ක් වටිනා ලංසු ලැබී තිබේ.

    කෙසේ වෙතත් කිසිදු ලංසුවක් මෙහිදී අනුමත කර නැත.

    පසුගිය සෑම වෙන්දේසියකදී ම භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතික ක්‍රමයෙන් ඉහළ යන ස්වරූපයක් දක්නට ලැබුණු අතර පොළී අනුපාත ස්ථාවරව තබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පියවර ගෙන තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates