භාණ්ඩාගාර බිල්පත් – හය මාසේ පොළිය බසිද්දී, අවුරුද්දේ පොළිය නගී

    May, 12, 2016

    ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 8,248 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

    මෙහිදී දින 182 පරිණත කාලයකින් යුතු බිල්පත් රු. මිලියන 6,165 ක්ද දින 364 පරිණත කාලයෙන් යුතු බිල්පත් රු. මිලියන 2,083 ක්ද පිළිගෙන තිබේ.

    මෙහිදී පූර්ව වෙන්දේසියට සාපේක්ෂව දින 182 බිල්පත් පොළිය 9.63% සිට 9.40% දක්වා අඩු වී තිබෙන අතර දින 364 බිල්පත් පොළිය 10.27% සිට 10.37 % දක්වා ඉහළ ගොස් තිබේ.

    දින 91 බිල්පත් සඳහා රු. මිලියන 13,500 ක ලංසු ලැබී තිබුණද, ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇත.