July, 24, 2014
මගීන් 110 ක් රැගත් එයාර්බස් A320 ඇල්ජීරියානු ගුවන් යානයක් රේඩාර් සංඥාවන්ගෙන් මිදී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යානය Air Algerie සමාගමට අයත් වන්නක් වන අතර යානය අද උදෑසන ගුවන් ගතකර විනාඩි 50 කින් පමණ රේඩාර් සංඥාවන්ගෙන් මිදී තිබෙන බව සඳහන්ය.
AH5017 අංකය දරන මෙම යානය බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝ සිට ගමන් කර තිබෙන්නේ ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජීර්ස් දක්වා යැයි වාර්තා වේ.
Video Story