October, 16, 2025
NDB බැංකුව පසුගිය දා ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුණු අතර, එමඟින් රට පුරා සිටින විවිධ ආකාරයේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ලබා ගත හැකි ලීසිං පහසුකම් පුළුල් කිරීමට අරමුණු කර ඇත. මෙම හවුල්කාරිත්වය මඟින්, නම්‍යශීලී, පාරිභෝගික හිතකාමී මූල්‍ය විසඳුම් හරහා ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා පහසු කරවීම සහ පුද්ගලයින් සහ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම තහවුරු කරයි.
මෙම සහයෝගීතාවය හරහා, ගනුදෙනුකරුවන්ට දැන් DIMO සමාගමේ Mercedes-Benz සහ TATA ඇතුළු සුප්‍රසිද්ධ මගී ප්‍රවාහන වාහන පරාසයට NDB බැංකුව වෙතින් සකස් කරන ලද ලීසිං විසඳුම් වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ඉක්මන් අනුමැතිය, අවම ලියකියවිලි, ඇපකරුවන් අවශ්‍ය නොවීම සහ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති ආපසු ගෙවීමේ සැලසුම් සමඟින්, ගනුදෙනුකරුවන්ට අසමසම පහසුවකින් තම සිහින වාහනය හිමිකර ගැනීමට හැකි බව NDB ලීසිං සහතික කරයි. ලීසිං සඳහාම අනියුක්ත කෙරුණු නිලධාරීන්ගේ සහාය ඇතිව, දිවයින පුරා පිහිටි NDB බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ විශේෂිත ලීසිං මධ්‍යස්ථාන හරහා ලීසිං පහසුකම් ඉල්ලූම් කිරීමේ සිට තම සිහින වාහනය අත්පත් කරගන්න තෙක් සහාය සහ ප්‍රවේශ්‍යතාව ලබා දීමෙන් මෙම පිරිනැමීම තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික ආයතන විසින් කල්පැවැත්ම සහ ඉහල කාර්යක්ෂමතාවයක් සඳහා දිගු කලක් තිස්සේ විශ්වාසය තබා ඇති DIMO සමාගමේ ශක්තිමත් TATA වාණිජ වාහන පරාසය දක්වා ද විහිදේ. වාණිජ වාහන සඳහා NDB බැංකුවේ ව්‍යුහගත ලීසිං විසඳුම්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනික සමාගම් සඳහා සහාය වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, ව්‍යාපාර මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වාහන අත්පත් කර ගැනීම පහසු කරන දැරිය හැකි මූල්‍ය විකල්ප ලබා දෙයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ලීසිං අංශයේ සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා ප්‍රකාශ කළේ ‘ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ හුරුපුරුදු නාමයක් වන DIMO ආයතනය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එමඟින් මගී ප්‍රවාහන සහ වාණිජ වාහන යන දෙඅංශයටම බාධාවකින් තොරව මෙම පහසුකම සඳහා ප්‍රවේශය ලබා දෙනවා. විශ්වාසදායක ප්‍රවාහනයක් යනු පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට වර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, මෙම සහයෝගීතාවය තුළින් අපි තවත් ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසයෙන් ඉදිරියට යාමට බලය ලබා දෙනවා,’ ලෙසයි.
DIMO සමගමේ විධායක අධ්යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘ගෝලීය මට්ටමේ ප්‍රවාහන විසඳුම් සහ විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවක් සමඟින් DIMO ආයතනය සැමවිටම පාරිභෝගිකයන්ගේ අභිලාෂයන් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පෙනී සිටී. NDB බැංකුවේ ආකර්ශනීය මූල්‍ය විසඳුම් සහ DIMO සමාගමේ විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාව සමඟින්, අපි ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින වාහන වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන්නෙමු. එය ඔවුන්ගේ සිහින මෝටර් රථය මිලදී ගැනීමට බලාපොරොත්තු වන පවුලක් හෝ වාහන සංචිත ශක්තිමත් කරන ආයතන සඳහා මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා DIMO සමාගමේ අසමසම සේවා විශිෂ්ටත්වය සමඟින් ඔබේ වාහන සිහිනය යතාර්ථයක් බවට පත් කර ගැනීමට අත්වැල සපයයි’
DIMO සමාගමේ විශ්වාසනීය වාහන පෙළ සහ අලෙවියෙන් පසු විශේෂඥතාව, NDB බැංකුවේ නව්‍යකරණ මූල්‍ය විසඳුම් සමඟ ඒකාබද්ධ කිරීම හරහා, මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා වෙළඳපොළ සඳහා අසමසම පහසුවක් ලබා දෙයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.