December, 22, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ මාලේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (Velana International Airport) සිය මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව "1 වන පර්යන්තය" (Terminal 1) වෙත නිල වශයෙන් මාරු කරන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මාලදිවයින ගුවන් තොටුපළ සමාගම (MACL) විසින් 1 වන පර්යන්තය වෙත පැමිණි UL101 ගුවන් යානයේ මගීන් සහ එම පර්යන්තයෙන් පිටත්ව ගිය UL102 ගුවන් යානයේ මගීන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු මොහොමඩ් රිස්වි හසන් මහතා සහභාගී වූ අතර, මාලදිවයින ගුවන් තොටුපළ සමාගමේ සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මීට එක්ව සිටියහ. කොළඹ සිට මාලේ වෙත දිනකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, රටවල් 59 ක ගමනාන්ත 117 කින් සමන්විත සිය ගුවන් මෙහෙයුම් ජාලය වෙත බාධාවකින් තොරව සිය ගුවන් මගීන් සම්බන්ධ කරයි.
1 වන පර්යන්තයේ ස්ථාපිත කර ඇති අති නවීන පහසුකම් මගීන්ගේ සුවපහසුව ඉහළ නැංවීමටත්, බාධාවකින් තොර ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීමටත් හේතු වේ. මෙම පියවර මාලදිවයිනේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම දෙරට අතර ගුවන් මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.


Video Story