මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනයේ 80% ක් අවසන්

    May, 18, 2016

    මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ගුවන්යානා පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට, ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රා අංගණය අලුත්වැඩියා කිරීමේ කටයුතුවලින් මේ වන විට 80% ක් පමණ අවසන් බව රජය නිවේදනය කර සිටී.

    ඉතිරි වැඩ කොටස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිම කරවා ගැනීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වන විට හිමිව තිබේ.

    ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව වාණිජමය මගී සේවා සඳහා මෙහෙයුම් ආරම්භ කළ හැකි වන පරිදි මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2015 වර්ෂයේදී අනුමැතිය ලබා දෙන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates