March, 20, 2026
Emirates සහ Qatar Airways ගුවන් සේවා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකල්ප ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා මේ වන විට පවත්වා ඇති බව වාර්තා වේ.
ඩොලර් මිලියන ගණනක් වැය කරමින් 2013 වසරේ දී ඉදිකිරීම් අවසන් කළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඉතා සීමිත වානිජ ගුවන් වාර කිහිපයක් මෙහෙයවනු ලබන ගුවන් තොටුපළකි. ශීත සෘතු සමයේ දී රුසියාවේ Red Wings ගුවන් සේවය පමණක් මේ වන විට මත්තල වෙත පියාසර කරනු ලබයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Emirates සහ Qatar Airways යන ගුවන් සමාගම් දෙකම මත්තල ගුවන් තොටුපළ සමඟ සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීමට කර ඇති යෝජනාව කෙරෙහි ඉහළ උනන්දුවක් පළ කර ඇති බවයි.
Video Story