April, 14, 2015
සුදු අලියෙකු යැයි චෝදනාවට ලක්ව තිබෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන බව නවතම කෝප් අතුරු වාර්තාවෙන් අනාවරණය වේ.
වාර්තාවට අනුව මෙම කාලය තුළදී මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.
මේ අනුව, මෙම මගීන්ගෙන් දේශීයව සහ විදේශීයව ගමන් කළ මගීන් පිළිබඳව විස්තර වාර්තාවක් කෝප් කමිටුව විසින් ඉල්ලා තිබේ.
2013 වසරේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විසින් මගීන් මිලියන 7.3 ක් හසුරුවා තිබෙන අතර 2014 මුල් මාස 09 තුළදී මගීන් මිලියන 5.8 ක් හසුරුවා ඇත.
Video Story