August, 10, 2017
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද පැවති කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත්කරන ලද නිවේදනය පහත දැක්වේ.
වර්තමානයේ අලාභ ලබමින් පවත්වා ගෙන යනු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2016 දෙසැම්බර් 31 දින වන විට සමුච්චිත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 112.9ක් (රුපියල් මිලියන 15,600ක්) වේ. මේ තත්ත්වය යටතේ එම ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු අලාභ ලබමින් තවදුරටත් පවත්වාගෙන යාම රජයට විශාල වැය බරක් වේ.
එබැවින් මෙම ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉහළ ආදායම් ලබන ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සදහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ. නමුත් ගුවන්තොටුපළෙහි සමස්ත මෙහෙයුම්, කළමනාකරණය හා නඩත්තුව ආවරණය වන යෝජනා කිසිවක් එහිදී ඉදිරිපත් වී නොමැත.
මේ අතර මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස ඉන්දියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම යෝජනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story