February, 8, 2016
ලෝකයේ මධ්‍යම පාන්තික පරිභෝජනය ඉහළ යමින් පවතින බැවින් විවිධ විලාසිතා වලින් යුතු ගුණාත්මක පාවහන් සඳහා ඇති ඉල්ලුම සීග්‍ර ලෙස වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අට වන වරටත් සංවිධානය කළ පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. පසුගිය 5 වැනිදා ආරම්භව 7 වැනිදා දක්වා කොළඔ, සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවති මෙම ප්‍රදර්ශනය සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සම්පත් දායකයන් ලෙස ඉදිරිපත්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, "2011 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 36 ක් වූ මෙම ක්ෂේත්‍රයේ විදේශ විනිමය, පසුගිය වසර වන විට ඇ.ඩො.මිලියන 110 ක් තරම් සීග්‍ර වර්ධනයක් පෙන්වා තිබෙනවා. මින් 80% ක්ම පාවහන් අපනයන වලින් ලද ආදායමයි. ඒ වගේම සමස්ථ ගෝලීය වෙළඳ පොළ වර්ෂ 2020 වන විට ඇ.ඩො.මිලියන 370 ක් පමණ වේයැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
ලෝකයේ මධ්‍යම පාංතික පරිභෝජනය වර්ධනය වෙමින් පවතිනවා. ඊට සාපේක්ෂව විවිධ විලාසිතා වලින් යුත් ගුණාත්මක අතින් ඉහළ පාවහන් වලට ඇති ඉල්ලුමද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව අපට පැහැදිළියි. එමෙන්ම ලොව පුරා කාන්තාවන් වඩ වඩාත් රැකියා කිරීමට පෙළඹීම නිසා, ඔවුන්ගේ වෘත්තීය පාවහන් භාවිතාවද සීග්‍ර ලෙස වැඩිවන අයුරු දකින්න පුළුවන්."
අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පවසා සිටියේ, පාවහන් අතුරින් වැඩිම ලාභාංශය ලද හැකි නිෂ්පාදනය ක්‍රීඩා හා සක්‍රිය කටයුතු වෙනුවෙන් භාවිතා කරන පාවහන් බවත්, ඒවායේ ලාභ ප්‍රතිශතය 45% ක් වැනි ඉහළ අගයක් ගන්නා බවත්ය. විලාසිතා පාවහන් මෙන් නොව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ පාවහන් වල නිෂ්පාදන වියදමද සැලකිය යුතු ලෙස අවම මට්ටමක පවතින බැවින්, දේශීය පාවහන් නිෂ්පාදකයන් ක්‍රීඩා පාවහන් නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිත වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා, ඉන්දිරා මල්වත්ත මහත්මිය, "කර්මාන්තයේ නියැලෙන්නන් උපරිම අයුරින් දායකත්වය ලබා දෙන්නේ නම් පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය ඇඟලුම් අංශය තරමටම වර්ධනය කිරීමේ හැකියාව ඇති බව අප විශ්වාස කරනවා. මෙම ක්ෂේත්‍රයේ හොඳ ශක්‍යතාවයක් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය හඳුනා ගත්තේ මීට වසර ගණනාවකට පෙරයි. බොහෝ රටවල් ඇඟලුම් කර්මාන්තයට පසු සංවර්ධනය කළ හැකි අංශයක් ලෙස පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය තෝරා ගෙන තිබෙනවා. එහෙත් ශ්‍රි ලංකාවේදී එම තත්වය පෙනෙන්නට නොතිබුණු නිසාවෙන් අප පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ නිෂ්පාදන සංවර්ධන හා විලාසිතා වැඩිදියුණු කිරීමේ කාර්යයට සහාය දැක්වුවා. ඇඟලුම් අංශයට මෙන් මෙම කර්මාන්ත අංශයට අපනයන සලාක පංගු (කෝටා) නොලැබීමත් එක් හේතුවක්. අප මෙරටින් අපනයනය කරන්නේ පාවහන් හා සම්භාණ්ඩ සුළු ප්‍රමාණයක් වුවත් ඒවා ලෝකයේ සුප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ අලෙවි වන බව සතුටින් කිව හැකියි."
අපනයන සංවර්ධන මණ්ඩලය පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ මෝස්තර නිර්මාණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට ඉදිරියටත් අපේක්ෂා කරන බැව් පැවසූ මල්වත්ත මහත්මිය, සිය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් තොරව තනිව මෙම ප්‍රදර්ශනය කිරීමට තරම් පාවහන් නිෂ්පාදකයින් පරිණත වී ඇතැයිද පැවසුවාය.
ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති, පී.ජී.නිමලසිරි මහතා විසින් ප්‍රදර්ශකයින්ගේ නාමාවලිය අමාත්‍යවරයා ඇතුළු විශේෂ අමුත්තන් වෙත පිළිගැන්වීම කරන ලදී.
ප්‍රදර්ශන සංවිධාන කමිටුවේ සභාපති, සිතේන්ද්‍ර සේනාරත්න මහතා ස්තුති කතාව සිදුකළ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යයේ ලේකම්, ටී.එම්.කේ.බී.තෙන්නකෝන්, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අනුර ද සිල්වා යන මහත්වරුන්ද, විදේශීය තානාපතිවරුන්ද, විදේශීය වෙළඳ දූත පිරිස්ද, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ද ප්‍රදර්ශකයන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story