“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි

    April, 3, 2026

    වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට සතුට සහ රසය රැගෙන ආ මන්චි (Munchee) සන්නාමය, මෙරට පාරිභෝගිකයන්ගේ නොමඳ ආදරය දිනාගත් සන්නාමය බව යළිත් වරක් තහවුරු කර තිබෙනවා. ඒ, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වුණු 2026 SLIM-Kantar People's Awards සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගනිමින්.

    ඒ අනුව, වසරේ ජනතාවගේ FMCG සන්නාමය (People’s FMCG Brand of the Year 2026), වසරේ තාරුණ්‍යයේ FMCG සන්නාමය (⁠People’s Youth Choice FMCG Brand of the Year 2026), වසරේ ජනතාවගේ බිස්කට් සන්නාමය (People’s Biscuit Brand of the Year 2026) සහ වසරේ ජනතාවගේ ස්නැක්  සන්නාමය (People’s Snack Brand of the Year 2026) යන සම්මාන 4 යළිත් දිනා ගැනීමට මන්චි සමත් වී තිබෙනවා. මෙම සම්මාන උළෙලේදී මන්චි සන්නාමය අඛණ්ඩව 5 වැනි වරටත් වසරේ ජනතාවගේ FMCG සන්නාමය (People’s FMCG Brand of the Year) සහ වසරේ ජනතාවගේ බිස්කට් සන්නාමය (People’s Biscuit Brand of the Year 2026) ලෙස අභිෂේක ලැබීම විශේෂත්වයකි.   එදා සිට අද දක්වා නව්‍යකරණය සහ උසස් ප්‍රමිතිය පෙරදැරි කරගනිමින්, සෑම වයස් කාණ්ඩයකටම ගැලපෙන නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙන මන්චි, ජනතාව අතර මෙතරම් ජනප්‍රිය සන්නාමයක් බවට පත්ව ඇත්තේ ද ඒ නිසාමය.