මන්දිර බද්ද කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව

    March, 20, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කළ මන්දිර බද්ද වාරික හතරකින් ගෙවීමට හැකි ලෙස රජය බදු නීතිය වෙනස් කර තිබේ.

    නව සංශෝධන වලට අනුව රජය සඳහන් කර තිබෙන්නේ රුපියල් මිලියන 150 කට වැඩි වටිනාකමක් හෝ වර්ග අඩි 10, 000 කට වැඩි 2000 අප්‍රේල් 01 වනදාට පසුව ගොඩනැගූ නිවාස වලින් වාර්ෂිකව රුපියල් මිලියනයක මන්දිර බද්දක් (Mansion Tax) අය කරන බවයි.

    මෙම බද්ද තුළින් රුපියල් බිලියනයක ආදායමක් රැස්කර ගැනීමට බලාපොරොත්තුවන බව අතුරු අයවැයේ සඳහන් කර තිබුණි.