මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ‘ගෝලීය දකුණට‘ ඩොලර් බිලියන 50ක AI ආයෝජන

    February, 18, 2026

    'ගෝලීය දකුණ' පුරා රටවල කෘතිම බුද්ධිය (AI) ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මෙම දශකය අවසන් වන විට ඩොලර් බිලියන 50 ක් ආයෝජනය කිරීමට සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. රොයිටර් පුවත් සේවය මේ බව නිවේදනය කර සිටී.

    ලෝක නායකයින්, ගෝලීය AI දැවැන්තයින් සහ ඉහළ විධායකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI සමුළුව අතරවාරයේ දී අද (18) දින මයික්‍රොසොෆ්ට් සමාගම මේ බව නිවේදනය කළේය.

    දකුණු අර්ධගෝලයේ සංවර්ධනය වෙමින් පවතින, නැගී එන ආර්ථික හා අඩු ආදායම් ලබන රටවල් රැසක් ‘ගෝලීය දකුණට‘ අයත් වේ.

    මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය වසරේ දී ඉන්දියාව තුළ ඩොලර් බිලියන 17.5 ක AI ආයෝජන එළිදැක්වීය.