මර්චන්ට් බැංකුව රක්ෂණ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි

    July, 15, 2024

    MBSL ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් හි තමන් සතු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) තීරණය කර තිබේ.

    පසුගිය ජූලි 11 වැනි දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය වශයෙන් අදාළ තීරණය සඳහා අනුමැතිය ලබා දීමට මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) හි අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන නියාමන අධිකාරීන්ගේ අනුමැතියට යටත්ව මෙම කොටස් අලෙවිය සිදුකෙරනු ඇත.