මල්බෙරි රෙසිඩන්ස් – කොළඹ නගරයේ දිවියට නව අරුතක්

    December, 5, 2015

    පෞද්ගලික අංශයේ උපදේශන හා සංවර්ධන සමාගමක් වන Steradian Capital සමාගම මේ වනවිට සහනදායී මිලකට ලබාගත හැකි නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සැලසුම් කර තිබේ. 'මල්බෙරි රෙසිඩන්ස්' ලෙස නම්කර ඇති මෙහි සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

    උසස් තත්ත්වය හා තිරසාරත්වයට මූලිකත්වය ලබාදෙමින් ඉදිකරනු ලබන මෙම නිවාස සංකීර්ණය කොළඹ 09 ප්‍රදේශයේ ඉදිකරනු ලැබීමට නියමිත වේ. මහල් 15 බැගින් වූ කුලූනු 3 කින් යුක්ත මෙම නිවාස සංකීර්ණයේ කුලූනු බිම් මට්ටමේ සිට දෙවැනි මහල දක්වා විශේෂ වේදිකාවකින් සම්බන්ධ වී පවතින අතර මෙම වේදිකාව රථවාහන නවතා තැබීම සඳහා භාවිතා වනු ඇත. 3 වන මහලේ සිට 13 වන මහල දක්වා නිවාසවලින් සමන්විත වන මෙම ව්‍යාපෘතිය 2018 ජනවාරි මාසය අවසාන වනවිට ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. පවතින ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි සැලසුම් කර ඇති මෙය නිදන කාමර 2 ක් හෝ 3 ක් සහිත, වර්ග අඩි 1,000 සිට 1,600 දක්වා වන නිවාසවලින් සමන්විත වනු ඇත.

    ලොව හොඳම ඉදිකිරීම් සමාගම් 250 අතරට අයත් Yanjian සමූහ ව්‍යාපාර සමග අත්වැල් බැඳගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට Steradian Capital සමාගම අපේක්ෂා කරයි. ටැම් සඳහා බිම හෑරීම (Piling) ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා මාස 24 ක කාලයක් ගතවෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර කෙටි කාලසීමාවක් ඇතුළත සාධාරණ ගාස්තු යටතේ නව නිවාසයක හිමිකරුවන් වීමට එය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙනු ඇත.

    “Yanjian සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන ඉදිකිරීම් රැසකට දායක වී තිඛෙනවා. ඔවුන් සමග එක්වී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබීම අපට මහත් සතුටක් වගේම ගෞරවයක්. සංවර්ධනය යනු හුදෙක් නිවාස තැනීම පමණක් නොවන බව අපි හොඳින් දන්නවා. ඒ නිසා රටේ ජනතාව හා ප්‍රජාවන් සමග සමීපව වැඩකිරීමට Steradian Capital සමාගම සූදානම්. අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාව තුළ සහනදායී ගාස්තු යටතේ ඉහළ මට්ටමේ නිවාස ලබාගැනීමේ හැකියාව උදාකරදීම යන්නයි. ඒ නිසා අපි හැමවිටම විශාල ජනගහනයක් වෙසෙන ප්‍රදේශවල ඉඩම් තෝරාගෙන, එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකි ව්‍යාපෘති ක්‍රියාවට නංවනවා.“ Steradian Capital සමාගමේ අධ්‍යක්ෂ හාඩි ජමාල්ඩීන් මහතා පැවසී ය.

    මල්ඛෙරි රෙසිඩන්ස් යනු අවශ්‍ය සියලූ පහසුකම් සපිරි තැනකි. පාසල්, සුපිරි වෙළඳසල්, අවන්හල් සහ විනෝදාස්වාදය සපයන ස්ථාන ඇතුළුව, ජන ජීවිතයට ඛෙහෙවින් වැදගත් වන ස්ථානවලට සමීපව එය පිහිටා තිබේ. යළි නිවැරදි කිරීම් සිදුකිරීමේ ඉඩ නොතබා සියයට සියයක් නිවැරදි ආකාරයෙන් නිවාස ඉදිකිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකරන මෙම ව්‍යාපෘතියේ පහසුකම් සහ පොදු ස්ථානද සුවිශේෂී ලක්ෂණ සහිතව ඉදිවනු ඇත. මෙහි සියලූ දොරටුවල සහ රථගාල තුළ පැය 24 පුරා ආරක්ෂක කැමරා ක්‍රියාත්මක වේ. එමෙන්ම ගොඩනැගිලි මුදුනත විනෝදාස්වාදය සඳහා වෙන්වූ ස්ථානයක් සහ මනරම් ලෙස නඩත්තු කෙරෙන උද්‍යානයක්, දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙන්වූ ස්ථානයක්, මුදුනත වෙනම පිහිනුම් තටාක දෙකක්, කාය වර්ධන ශාලාවක් ආදී පහසුකම් රැසක්ද මීට ඇතුළත් වේ. මේ සියලූ පහසුකම් නිර්මාණය කර ඇත්තේ සියලූම දෙනාගේ පෞද්ගලිකත්වය සුරැකෙන පරිද්දෙනි.

    “ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ගැන අපට බොහොම පුළුල් අවබෝධයක් සහ පළපුරුද්දක් තිඛෙනවා. රටේ තරුණ වෘත්තිකයන් සහ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීමට තවමත් වෙළඳපොළ තුළ ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටුවී නොමැති බව අපේ අදහසයි. ඒ වෙනුවෙන් නව ආදර්ශයක් සැපයීමට අපගේ ව්‍යාපෘතියට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා.“ Steradian Capital සමාගමේ අධ්‍යක්ෂ ආචී වර්මන් මහතා පැවසීය.

    “උසස් ප්‍රමිතිය යනු ඕනෑම කෙනෙකුට පරීක්ෂා කර බැලිය හැකි දෙයක්. ඒ නිසා අපගේ ව්‍යාපාරයේ සෑම අංගයකම ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගැනීමට අප සෑමවිටම උත්සාහ කරනවා. ඉඩකඩ කළමනාකරණය අතින් අපේ නිවාස පවතින්නේ විශිෂ්ට මට්ටමකයි. ඉදිරියේදී තවත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට අප බලාපොරොත්තු වනවා. මල්ඛෙරි රෙසිඩන්ස් ව්‍යාපෘතියට අමතරව දැනට පවතින ගොඩනැගිලි වඩාත් අලංකාර සහ ප්‍රායෝගික බවට පත්කිරීම අපේ ඉලක්කයයි. මේ මගින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරමින් සූර්ය පැනල, LG7 ආලෝක පද්ධති සහ නවීනතම වායු සමීකරණ පද්ධති සවිකිරීමට අපට හැකියාව ලැඛෙනවා.“ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    පෑන් ඒෂියා බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව ඇතුළු බැංකු රාශියක් මේ වනවිට මෙම නිවාස මිලදීගැනීම සඳහා ආකර්ෂŒය පොලී අනුපාත යටතේ පාරිභෝගිකයන්ට ණය පහසුකම් සැපයීමට එකඟ වී ඇත. ඉදිරියේදී තවත් බැංකු රැසක් මේ සඳහා එක්වීමට නියමිත වේ. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහ නගර සභාවේ අනුමැතිය සහිත මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී Steradian Capital සමාගමේ දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. ව්‍යාපෘතිය අවසන් වූ පසුව එහි කළමනාකරණය සඳහා වෙනම කළමනාකාරිත්වයක් පත්කෙරෙනු ඇත. මෙම කළමනාකාරිත්ව මණ්ඩලය නිවාස මිලදීගත් පවුල්වල ප්‍රධානීන්ගෙන් සමන්විත වන නිසා තම නිවාස සංකීර්ණය කළමනාකරණය කිරීමේදී තම අදහස් නියෝජනය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ.


    Steradian Capital සමාගමේ අධ්‍යක්ෂ ආචී වර්මන් මහතා


    Steradian Capital සමාගමේ අධ්‍යක්ෂ හාඩි ජමාල්ඩීන් මහතා