July, 20, 2016
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලයේ වෙනස්වීම් කිහිපයක් යළිත් වරක් සිදුව තිබේ. මෙම සියලු සංශෝධනයන්ප 2016 ජූලි 15 වන දින සිට බලපැවැත්වෙන බව සමාගම වැඩිදුරටත් කියා සිටී.
මේ අනුව සමාගමේ නව සභපතිවරයා වශයෙන් සුදත් ජයසුන්දර පත්කොට තිබේ. එසේම සමාගමේ විධායක ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද ඔහු පත්කොට ඇත. පසුගිය මාසයක කාලයක් තුළ දී බ්ලූ ඩයමන්ඩ් සමාගමේ සභාපතිවරයා ලච තෙවැනියා මොහුය.
සමාගමේ සභාපතිවරයාව සිටි Xia Liqiang ගේ සභාපතිධූරය පසුගිය ජූනි 20 වන දින අත්හිටුවනු ලැබූ අතර එදින සිට සමාගමේ සභාපතිවරයා ලෙසින් වැඩ භාර ගත් ආචාර්ය දයානාත් ජයසූරිය ඊට දින තුනකට පසු, එනම් ජූනි 30 වන දින අදාළ තනතුරින් ඉල්ලා අස්විය.
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි නව සම කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙසින් මංජරී ගමගේ වැඩ භාර ගෙන තිබේ. ඇය සමාගමේ විධායක ස්වාධීන නොවන අධ්යක්ෂවරියක ලෙස ද මෙහිදී පත්වීම් ලැබ ඇත.
මේ අතර සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ Xia Liqiang සමාගමේ නියෝජ්‍ය සභාපති හා සම කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
තවද සමාගමේ විධායක ස්වාධීන අධ්යක්ෂ ධූරයක් තිෂ්‍යා වික්‍රමසිංහ වෙත පිරිනමා තිබෙන අතර සමන්ත පුෂ්පකුමාර හා සෝමසුන්දරම් ප්‍රබාහරන් යන අය සමාගමේ මෙතෙක් දැරූ අධ්යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.