March, 17, 2014
පොලී අනුපාත අඩුවෙමින් ගොඩනැගෙමින් තිබෙන ආර්ථික පරිසරය තුළ ගිය වසරට වඩා මේ වසරේදී මහජන කොටස් නිකුතු සිදුවනු ඇතැයි ක්ෂේත්රයේ ප්රවීණයෙකු විශ්වාසය පළකරයි.
එන්.ඩී.බී. කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්රධාන විධායක නිළධාරී, වජිර කුලතිලක මහතා අප සමග පැවසුවේ සිය සමාගම හරහා මේ වසරේදී කොටස් වෙළඳ පොළට පිවිසීමට මේ වනවිටත් සමාගම් හතරක් පමණ සූදානමින් සිටින බවයි.
“මම හිතන්නේ සමස්තයක් විදිහට ගිය වසරට වඩා වැඩි සමාගම් ප්රමාණයක් මේ වසරේදී කොටස් වෙළඳ පොළට පිවිසේවි. මෙයට බලපාන ප්රධානතම හේතුව තමයි පොලී අනුපාතය අඩුවීම.“
යනුවෙන් වජිර කුලතිලක මහතා සඳහන් කළේය.
හේලීස් සමූහයට අනුබද්ධ අලුමෙක්ස් සමාගම විසින් එන්.ඩී.බී. කැපිටල් හොල්ඩින්ග්ස් හරහා මහජන කොටස් නිකුතුවක් පසුගියදා සිදු කළේය.
Video Story