මහජන පැමිණිලි විමර්ශනය කෙරෙන රේගු අභ්‍යන්තර ඒකකය ඇරඹෙයි

    August, 8, 2024

    නිර්නාමික පැමිණිවලටත් ඉඩ, ඉදිරියේ දී දේශී්‍ය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු තුළත් මෙම ඒකකය අරඹනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරිණි. මෙමගින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අබිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් සිටින අතර ඒ හේතුවෙන් ම විවිධ පැසසුම් සේම චෝදනා එල්ල වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    එබැවින් තව දුරටත් මහජනතා සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙත ද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේ ය.

    පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන්

    දුරකතන අංක
    0112 - 221 331
    0112 - 221 333
    0704 - 752 803

    විද්‍යුත් තැපැල්
    iau.slcustoms@gmail.com

    Whatsapp - 070 4 752 803