මහජන මුදල් අයථා වියදම් චෝදනාවට හඬා වැටුණු ජපන් දේශපාලනඥයාගේ වීඩියෝව රජ ගමනේ

    July, 6, 2014

    ගමන් වියදම් සඳහා අයථා අන්දමින් මහජන මුදල් භාවිතා කළායැයි චෝදනා ලැබූ ජපාන දේශපාලනඥයෙකු එම චෝදනාව ඉවසාගත නොහැකිව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී හඬා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරෙන බව වාර්තා වේ.

    මේ අනුව, මෙම වීඩියෝව පසුගිය බ්‍රහස්පතින්දා වනවිට වාර 640,000 ක් නරඹා තිබෙන බව සඳහන්ය.

    Ryutaro Nonomura නැමති 47 හැවිරිදි මෙම ජපාන දේශපාලනඥයා විසින් වසරක් තුළදී සිය සංචාරක වියදම් ලෙස ඇමරිකානු ඩොලර් 30,000 ක් හෙවත් අනුමත ගමන් වියදම් ඉක්මවා වියදම් කර ඇතැයි ජපාන මාධ්‍ය විසින් චෝදනා කර තිබුණි.

    මෙම චෝදනාව පිළිබඳව මාධ්‍ය හමුවකදී ඔහුගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට එයට පිළිතුරු දෙමින් මෙම දේශපාලනඥයා හඬා වැලපී තිබේ.

    මොහුගේ හැසිරීම අසාමාන්‍ය බවත් එය මානසික ආතතිය නිසා ඇති වන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ජපාන දේශපාලනඥයා හඬා වැටෙන වීඩියෝව මෙන්න!