September, 30, 2016
ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රෝහල වන මහනුවර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකය (SICU) පුළුල් කර නවීකරණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා සහයෝගය ලබාදෙන ලදී.
මෙම ව්‍යාපෘතිය බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සිදුකළ අතර ඉහළ අවධානම් සහිත රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන කාමරය පුළුල් කිරීම, සේදීම සහ වේලීම සඳහා මෙම ඒකකයෙන් පිටත වෙනම ස්ථානයක් ඉදිකිරීම, ඒකකයේ මුළුතැන්ගේ ප‍්‍රතිසංස්කරණය කිරීම, අපද්‍රව්‍ය වෙන්කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකිරීම, පශ්චාත් උපාධි වෛද්‍ය මධ්‍යස්ථානය පුළුල් කිරීම සහ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ (ICU) අභ්‍යන්තර පහසුකම් පුළුල් කිරීම මේ යටතේ සිදුකරන ලදී.
‘‘මහනුවර ශික්ෂණ රෝහල ප‍්‍රමාණයේ රෝහල්වල ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකයන් මගින් රටේ විවිධ පළාත්වල රෝගීන්ට පහසුකම් සලසනවා. මේ නිසා, මෙවැනි ඒකකවල පහසුකම් ඉතාමත් ඉහළ තත්ත්වයේ පැවතිය යුතුයි.’’ යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘ඉතාමත් වටිනා මෙම ආයතනයේ ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකයට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වන අතර මෙම වෙනස්කම් මගින් තවත් බොහෝ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.’’
ප‍්‍රතිසංස්කරණය කළ මෙම ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකය රෙන්ගනාදන් මහතා නිළ වශයෙන් විවෘත කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ සහ ආයතනික සමාජ වගකීම් භාරයේ භාරකරු හස්රත් මුණසිංහ මහතාල බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ සහ ප‍්‍රදේශයේ කොමර්ෂල් බැංකු ශාඛාවල ආයතනික සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේද සහභාගීත්වයෙනි.
ඇඳන් 2,292 කින් සමන්විත මහනුවර ශික්ෂණ රෝහල සියළුම ප‍්‍රතිකාර විශේෂයන් එකම වහළක් යටදී ක‍්‍රියාත්මක කරන ශ‍්‍රී ලංකාවේ විශාලතම රෝහල ලෙස සැලකේ. දිවයිනේ පළාත් නමයෙන් පළාත් හතකම රෝගීන් මෙම රෝහලට ප‍්‍රතිකාර සඳහා යොමුකෙරේ. මෙහි කාර්ය මණ්ඩලය 5000 කට අධික වන අතර 100 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය මඩුල්ලක්ද, 660 ක පමණ වෛද්‍ය නිළධාරීන් මණ්ඩලයක්ද, 1700 ක පමණ හෙද කාර්ය මණ්ඩලයක්ද මෙම රෝහලේ සේවය කරයි. දත්ත වලට අනුව, 2014 වසරේදී මෙම රෝහලට රෝගීන් 199,861 දෙනෙකු ඇතුළත්වී තිබෙන අතර එය දිනකට රෝගීන් 500 කට වැඩි සාමාන්‍යයකි. වසර පුරා මෙම රෝහලේ ඇඳන් භාවිතය 90% ඉක්මවයි.
කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරන අතර තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය, අන්තර්ජාල අධ්‍යාපනය සහ ඉංග‍්‍රීසි සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම, උපාධි අපේක්ෂකයින්ට ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ඓතිහාසික, සංස්කෘතිකමය හෝ ආගමික වැදගත්කමක් තිබෙන ස්ථාන සංරක්ෂණය සහ ප‍්‍රතිසංස්කරණය කිරීමට සහයෝගය දැක්වීම, ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන අවශ්‍යතාවයන් සඳහා සහයෝගය දැක්වීම මෙම වැඩසටහන් අතර ප‍්‍රමුඛ වේ.
මේ වනවිටත් ක‍්‍රියාත්මක වන වැඩසටහන් අතර උපාධි අපේක්ෂකයින් 50 දෙනෙකු වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය කිරීම, පාසැල් 170 ක් වෙනුවෙන් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර ප‍්‍රදානය කර තිබෙන වැඩසටහන, ග‍්‍රාමීය පාසැල් දරුවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි අධ්‍යාපන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම, සිස්කෝ නෙට්වර්කින්ග් ඇකඩමි සමග එක්ව බැංකුවේ අන්තර් ජාල අධ්‍යාපන වැඩසටහන යටතේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් zIT EssentialsZ නැමති පාඨමාලාව නොමිලේ ක‍්‍රියාත්මක කිරීම, පාසැල්වල අන්තර්ජාල අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම වෙනුවෙන් ‘සිප් නැණ’ නමින් බැංකුව විසින් නව අධ්‍යාපනික වෙබ් අඩවියක් ක‍්‍රියාත්මක කිරීම සහ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන්ගේ ගණිත හැකියාව වර්ධනය කිරීමේ අරමුණෙන් අන්තර්ජාලය ඔස්සේ පුනරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍ර ලබාදීමේ නියමු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඉදිරියෙන්ම ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 640 ක් සහ බැංකු ශාඛා 251 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.
(ඉහළ)- මහනුවර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිසංස්කරණය කළ ශල්‍ය හදිසි ප‍්‍රතිකාර ඒකකයෙන් කොටසක් සහ (පහළ) ප‍්‍රතිසංස්කරණය කළ ඒකකය කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. රෙන්ගනාදන් මහතා අතින් විවෘත කරන අයුරු.
Video Story