November, 14, 2025
මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Metropolitan Technologies පෞද්ගලික සමාගමේ මහනුවර MCentre ප්‍රදර්ශනාගාරය පසු ගිය දා නව මුහුණුවරකින් විවෘත විය. පාරිභෝගිකයන්ට පහසු ප්‍රවේශයක් සහ විශිෂ්ට සේවාවක් තහවුරු කිරීමේ අරමුණෙන් මීට පෙර එම ප්‍රදර්ශනාගාරය පිහිටා තිබූ ස්ථානයේ සිට නව ස්ථානයකට රැගෙන ගොස් තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත මධ්‍යම පළාතේම ජනතාවට මෙම නව ප්‍රදර්ශනාගාරයට පැමිණ පුළුල් පරාසයක විහිදී ඇති උසස් තත්ත්වයේ තාක්ෂණික උපාංග මිල දී ගැනීමට අවස්ථාව හිමි වේ. Metropolitan Technologies සමාගමේ නියෝජ්‍ය සභාපති අයිවර් මහරුෆ් සහ Acer Computers (Singapore) පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා චියා ලිෂි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. Metropolitan Technologies සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අලි අස්ගර් රොෂනාලි, සිල්ලර අංශයේ උප සභාපති ප්‍රවීන් සමරකෝන්, ජ්‍යෙෂ්ට කළමනාකාරිත්වයේ නියෝජිතයන් සහ මහනුවර නගරයේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. විවෘත සහ අන්තර් ක්‍රියාකාරී ප්‍රදර්ශන / නිෂ්පාදන කළාපවලින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට පහසු අත් දැකීමක් ගෙන දෙන ලෙස ඉතා නිර්මාණාත්මකව සැළැසුම් කර තිබේ.
Canon, Acer, HP, Lenovo, MSI, Asus, Logitech, Kaspersky, York, Microsoft සහ තවත් ගෝලීය සන්නාම රැසක් යටතේ එන නිෂ්පාදන එහිදී මිල දී ගත හැකිය. ගෙදර දොර, කාර්යාල, මුද්‍රණ, ප්‍රදර්ශන, පරිගණක ඇතුළු විවිධාකාර අවශ්‍යතා සඳහා ගැළැපෙන නිෂ්පාදන ඒ අතර තිබේ.“මහනුවර කියන්නේ අපගේ හදවතට සමීප නගරයක්. එවැනි ගෞරවනීය නගරයක සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමෙන් පාරිභෝගිකයන්ගේ පහසුව පිළිබඳව අප දක්වන උනන්දුව මැනවින් පිළිබිඹු වෙනවා.” අයිවර් මහරුෆ් මහතා සඳහන් කළේය. “පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තාක්ෂණය අත් විඳීමට හැකි වන ලෙස අපගේ නව MCentre ප්‍රදර්ශනාගාරය සැළැසුම් කර තිබෙනවා.” අලි අස්ගර් රොෂනාලි මහතා පැවැසුවේය. ප්‍රවීන් සමරකෝන් මහතා සඳහන් කළේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම Metropolitan සන්නාමයේ විශ්වාසනීයභාවය සහ ශක්තිමත්භාවය සමග නවීනත්වය ඒකාබද්ධ කරමින් Metropolitan MCentre යටතේ සිදු කෙරෙන දැවැන්ත සන්නාමකරණ වැඩසටහනක කොටසක් බවයි. චියා ලිෂි මහත්මිය දශක හතරකට ආසන්න Metropolitan – Acer හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූවාය. “Metropolitan සමාගම සෑම විටම ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැප වී සිටිනවා. මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම තුළින් එය වඩාත් තහවුරු වෙනවා.” විවෘත කළ නව ප්‍රදර්ශනාගාරය අංක 154, පේරාදෙණිය පාර, මහනුවර (https://maps.app.goo.gl/LKrFhn7oezYACCUDA) ලිපිනයේ පිහිටා ඇත.

Video Story