August, 10, 2017
එක්සත් ජාතික පක්ෂය යහපාලනයට බැදී සිටින පක්ෂයක් බවත් බැඳුම්කර නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කර බැදුම්කර නිකුත් කිරීමට න්‍යායාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මහබැංකුව විනිවිදභාවයෙන් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
සභාව කල්තබන අවස්ථාවේ යෝජානාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
ජනාධිපති කොමිෂන් පත් කරලා, ඉක්මනට පරීක්ෂණ කරනවා. එක්සත් ජාතික පක්ෂය යහපාලනයට බැදී සිටින පක්ෂයක්.පසුගිය මහින්ද රාජපක්ෂ රජය ලබාගත් අසීමිත ණය ප්‍රමාණය මඟින් රට ණය උගුලකට පැටලුණා.ග්‍රීක් බොන්ඩ්,හෙජින් ගිවිසුම් මඟින් සිදු කළ පාඩුව ඉතාම ඉහළයි. මේ සියලු මූල්‍ය වංචා ගැන පරික්ෂා කරලා පසුගිය කාලේ සිදු කළ කෝටි ගණනක වංචා අල්ලන්න. නීතිය සැමට සම වෙන්න ඕන.මේ රටේ ආර්ථික වර්ධන වේගය සාපේක්ෂ විශ්ලේෂණයක් කළ යුතුයි. පසුගිය වසර දෙක මුළු ලෝකයේ ම ආර්ථික වර්ධන වෙගය අඩු වුණා. චීනය, ඉන්දියාවේ ආර්ථික වේගය අඩු වී තිබෙනවා. ගංවතුර, නය කන්දක් තිබුණා. ආර්ථිකය වර්ධනය කිරීමට පියවර රැසක් අරගෙන තිබෙනවා. අද මහබැංකුව, පළමු වරට බැඳුම්කර නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කර බැඳුම්කර නිකුත් කරන න්‍යායාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මහබැංකුව විනිවිදභාවයෙන් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
Video Story