මහාචාර්ය මලික් රණසිංහ United Motors සමග එක්වෙයි

    July, 23, 2014

    මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු මෙන්ම සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මලික් රණසිංහ මහතා වාහන අලෙවියේ මෙරට ප්‍රමුඛ සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

    මේ අනුව, රණසිංහ මහතා යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජූලි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.