June, 4, 2024
රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2024 පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එකී වාර්තාව අනුව, 2024 වර්ෂයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 171ක් ක්‍රියාත්මක වන අතර ඉන් ව්‍යාපෘති 09ක් හැර, අනෙකුත් සියලුම ව්‍යාපෘති 2026 වර්ෂය අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, නව ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය අවකාශය සලසා ගැනීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, භෞතික ප්‍රගතිය 80%කට වැඩි ව්‍යාපෘති 58ක ක්‍රියාකාරකම් 2024 වර්ෂය තුළ නිම කිරීමටත්, ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති සඳහා තවදුරටත් මුදල් ආයෝජනය කිරීමට පෙර එවැනි ව්‍යාපෘති පිළිබඳව අවශ්‍ය අධ්‍යයනයන් සිදු කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරි නිලධාරි කමිටුව වෙත යොමු කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story