මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරිත්වයට නව නිලධාරීන් පත්කරයි

    October, 22, 2024

    මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පහත සඳහන් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

    • දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්.සී.ඩී.එල්.සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම.
    • දැනට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ආර්.එම්.පී.රත්නායක මහතා 2024-11-06 දින විශ්‍රාම ලැබීමෙන් අනතුරුව පුරප්පාඩු වන එම තනතුර සඳහා දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී.ඒ.පී.අබේසේකර මහතා පත් කිරීම.
    • එච්.සී.ඩී.එල්.සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ.එන්.හපුගල මහතා පත් කිරීම.
    • දැනට ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්.එස්.එම්.පී.රංජිත් මහතා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කිරීම.
    • දැනට පුරප්පාඩුව පවතින ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ජේ.එම්.එස්.ඩී.රත්නායක මහත්මිය පත් කිරීම.