November, 7, 2024
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී.ඒ.පී.අබේසේකර මහතා 2024-11-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පවතී. එසේම, ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්.එස්.එම්.පී.රංජිත් මහතා 2024-11-10 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එදින සිට එකී තනතුර ද පුරප්පාඩු වීමට නියමිතව ඇත. එමෙන්ම, මහා භාණ්ඩාගාරයේ ස්ථාපිත කිරීමට නියමිත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසු නිලධාරියෙකු ද පත් කළ යුතුව තිබේ. ඒ අනුව, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව පහත සඳහන් පත් කිරීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
Video Story