June, 9, 2016
ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) හි කෘෂි උපකරණ අංශය මහින්ද්‍රා ට්‍රැක්ටර් අලෙවි නියෝජිත සමුළුව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි හි දි පවත්වයි. ශ්‍රී ලංකාවේ මහින්ද්‍රා ට්‍රැක්ටර් අලෙවි නියෝජිතයින් 75 දෙනෙකුට අධික පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගි වූහ.මෙම සමුළුව ඉන්දියාවේ කොචි හි පිහිටි තරු පහේ හෝටලයක් වන මැරියට් හෝටලයේදී පැවැත්විණ. ඩිමෝ ඉතිහාසය තුළ කෘෂි උපකරණ අංශය විසින් අලෙවි නියෝජිත සමුළුවක් දිවයිනෙන් බැහැරව පැවති ප්‍රථම අවස්ථාව මෙයයි.එපමණක් නොව දේශිය කෘෂි නියෝජිතයින් සඳහා වන කෘෂි අලෙවි නියෝජිත සමුළුවක් දිවයිනෙන් බැහැරව පැවැත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බව හදුන්වා දිය හැකිය.
අලෙවි නියෝජිතයින් සහ ඩීමෝ කළමණාකාරීත්වය දින තුනක් එනම් රාත්‍රී 2ක් ඉන්දියාවේ කෝචි හි පිහිටි මැරියට් හෝටලයේ නවාතැන් ගනිමින් මෙම සමුළුව පවත්වනු ලැබීය. මෙහි ප්‍රධාන සමුළුව කොචි හි මැරියට් හෝටලයේ ප්‍රධාන ශාලාවේ පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ මහේන්ද්‍රා ට්‍රැක්ටර් නියෝජිතයින්,ඩීමෝ කෘෂි අංශයේ කාර්ය මණ්ඩලය ,ඩීමෝ හි ජ්‍යෙෂ්ට කළමණාකාරීත්වය සහ ජ්‍යෙෂ්ට කළමණාකරුවන් මෙන්ම මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් ඉන්දියා හි ජ්‍යෙෂ්ට කළමණාකරුවන් සහභාගි විය.
කේරළයට ආවේණික පෞරාණික උත්සයවයක් වන මාමන්ගම් උත්සවය සංකේතවත් කරමින් “Mamangam” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණ. සම්පුර්ණයෙන් සිංහල භාෂාවෙන් පැවත්වු මෙම සමුළුව කොටස් තුනක් යටතේ පැවැත්විණ.එනම් අලෙවි නියෝජිතයින්ගේ දක්ෂතා සහ ඉලක්ක ජය ගැනීම මෙන්ම මහින්ද්‍රා හි නව නිෂ්පාදනයන් වන අර්ජුන් නාවෝ සහ යුවෝ යන ට්‍රැක්ටර් හඳුන්වා දීම ද මෙහිදී සිදුවිය.අර්ජුන් නාවෝ ට්‍රැක්ටරය කෘෂි කටයුතු වලදී පුළුල් පරාසයක මෙහෙවරක් ඉටුකරයි. නව ඉහළ මධ්‍යම සහ අවම වේගයන්ගෙන් යුතු මෙම ට්‍රැක්ටරය 15F+3R ගියර් පද්ධතියකින් සමන්විත වෙයි. අමතර වේග තත්වයන් 7 කින් ද මෙම ට්‍රැක්ටරය සමන්විත වෙයි. මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය 30-45 HP පරාසයේ එකක් වන අතර කිලෝග්රෑම් 1500 ක බරක් පැටවිය හැකිය.අධි තාක්ෂණික පාලකයන් සහිත වෑල් ක්‍රමයක් ද අන්තර්ගතව මෙම ට්‍රැක්ටරය නිපදවා තිබේ.
මෙම සමුලුවේදී ඩිමෝ සමාගමේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා , ඩීමෝ ප්‍රධාන විධායක නිලධාරි ගනාත් පණ්ඩිතගේ , මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් ඉන්දියා හි දකුණු ආසියානු කලාපිය ප්‍රධානි සන්ජේ ජාදව් , මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් ඉන්දියා හි නිෂ්පාදන සහ අලෙවි ප්‍රධානි සුබෝද් අරෝරා, සහ ඩිමෝ කෘෂි අංශයේ ප්‍රධානි ගිහාන් ප්‍රනාන්දු යන මහත්වරු අදහස් දැක්වූහ.
ඩීමෝ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ 2015/16 යන වසර වලදී ඩීමෝ කෘෂි අංශය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බවයි.මෙම වර්ධනය පිළිබඳව එහි කොටස් කරුවන් වන දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිත ජාලය සාක්ෂි දරනු ඇති බව හෙතෙම සඳහන් කළේය. මෙම ඉලක්ක සපුරාගැනීමට පුර්ණ සහය දැක්වූ අලෙවි නියෝජිත ජාලය අගය කිරීම සඳහා කොචි හි මෙම සමුළුව සූදානම් කළ බව හෙතෙම කියා සිටියේය.
මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් ඉන්දියා හි ශ්‍රී ලංකා කළමණාකරු සජී වාර්ගීස් , ඩීමෝ කෘෂි අංශයේ ව්‍යාපාර ඒකක කළමණාකරු අමල් තිලකරත්න,ඩීමෝ සමාගමේ සමූහ සන්නිවේදන නියොජ්‍ය සාමාන්‍යාධිකාරි යොහාන් තිලකරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
මෙම සමුළුව සඳහා එක්වූ අලෙවි නියෝජිතයින්ට අක්කර 17 ක්පුරා පැතිරුණ ඉන්දියාවේ විශාලතම සාප්පු සංකීර්ණය වන Lulu Mall සාප්පු සවාරියේ නිරත වීමට ද අවස්ථාව හිමිවිය.එමෙන්ම ඉරිදා රාත්‍රියේ කොචි හි මැරියට් හෝටලයේ පිහිනුම් තටාකය අසලදී පැවති සාදයකට ද එක්වීමට අවස්ථාව හිමිවිය.
ශ්‍රී ලංකාවේ මහින්ද්‍රා ට්‍රැක්ටර් බෙදාහැරීම සිදුකරන්නේ ඩීමෝ කෘෂි අංශය විසිනි.එමෙන්ම ජර්මනියේ CLAAS Harvesters හි මෙරට එකම නියෝජිතයා වන්නේ ද ඩීමෝ කෘෂි අංශයයි. ඉදිරියේදී සිය නිෂ්පාදන ක්ෂේත්‍රය පුළුල් කරමින් ලොව ප්‍රමුඛ කෘෂි නිෂ්පාදන රැසක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
Video Story