October, 26, 2016
ඉන්දියාවේ මහීන්ද්‍රා සමාගම් විසින් සිය නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය පසුගිය දා එළි දක්වනු ලැබීය.
'e2oPlus' ලෙසින් නම් කර ඇති මෙම මෝටර් රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 6.73 සිට 9.51 දක්වා මිල පරාසයන්වලින් මිල දී ගත හැකි බව ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
P2, P4, P6, හා P8 යනා දී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ එළි දකින 'e2oPlus' මෝටර් රථය blue, sparkling wine, arctic silver හා solid white යන වර්ණවලින් මිල දී ගත හැකිය.
එක් ආරෝපණයකින් කිලෝමීටර 140 ක් දක්වා සහ පැයට සැතපුම් 85 ක උපරිම වේගයකින් මෙම මෝටර් රථය ධාවනය කළ හැකි බව සමාගම පවසා සිටී.