October, 12, 2017
මහින්ද්‍රා සමාගම විසින් පසුගිය දා එළිදක්වන ලද නවතම SUV මෝටර් රථ කාණ්ඩය වන KUV100 හි ඉලෙක්ට්‍රික් මාදිලිය එළඹෙන 2018 වසරේ දී වෙළෙඳපොළට එක් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ බව තහවුරු කරමින් මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පවන් ගොන්කා පවසන්නේ සිය සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සෑම SUV කාණ්ඩයකටම අදාළ ඉලෙක්ට්‍රිත් මෝටර් රථ ඉදිරියේ දී එළිදක්වන බවයි.
ඉන්දියාවේ දැනට නිෂ්පාදනය වන එකම ඉලෙක්ට්‍රික් මෝටර් රථ වර්ගය මහින්ද්‍රා වන අතර e20 හැච්බැක් මාදිලිය හා eVerito සෙඩෑන් මාදිලිය වර්තමානයේ ඉහළ ඉල්ලුමක් ඇති ඉලෙක්ට්‍රික් මෝටර් රථ බව සමාගම සඳහන් කරයි.
මේ අතර මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටින්නේ 2030 වසර වන විට සියලූම මෝටර් රථ මාදිලි ඉලෙක්ට්‍රික් ඒවා බවට පරිවර්තනය කිරීමේ රජයේ වැඩපිළිවෙල වෙනුවෙන් තම සමාගම උනන්දුවෙන් සිටින බවයි.
Video Story