මහ බැංකුවට දැන් කරන්න බැරි වැඩක් ගැන කැබිනට් තීරණයක්

    January, 28, 2025

    “නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය - සරුසාර” පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම

    කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස “සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

    මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත.

    එබැවින්, 2025 වර්ෂයේ සිට “සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.