මහ බැංකුවට සහකාර අධිපතිවරුන් 5 ක්

    May, 5, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවට නව සහාකාර අධිපතිවරුන් පස් දෙනෙකු පත්කර තිබේ. පසුගිය අප්‍රේල් 05 වැනි දින පැවති මුදල් මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගෙන තිබේ.

    මේ අනුව කේ. සරවනමුත්තු මෙනවිය හා ඊ.ඒ. හෙට්ටිආරච්චි, ආර්.ඒ.ඒ. ජයලත්, කේ.එම්.එම්. සිරිවර්ධන සහ අශෝක හඳගම යන මහත්වරුන් මෙලෙසින් මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් වශයෙන් උසස් කර ඇත.

    මෙම පත්වීම් පිළිවෙලින් 2016 අප්‍රේල් 05, අප්‍රේල් 16, ජූනි 12 සහ ජූනි 18 වන දින වල සිට බලපැවැත්වෙනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates