මහ බැංකුවෙන් දැනුම් දීමක්

    December, 13, 2024

    බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල දැනට ගිණුම් පවත්වාගෙන යනු ලබන තැන්පත්කරුවන්ගේ අනන්‍ය වූ හඳුනාගැනීමේ අංක අනිවාර්යයෙන්ම සටහන් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති කාලය 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙහිදී මහ බැංකුව අවධාරණය කර සිටින්නේ, අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් හෝ විකල්ප හඳුනාගැනීමේ අංකයක් සටහන් කිරීමට අපොහොසත් වීම, ඔබ විසින් මුදල් තැන්පත් කරන ලද බලපත්‍රලාභී බැංකුවක හෝ බලපත්‍රලාභී මුදල් සමාගමක බලපත්‍රය අවලංගු කළ අවස්ථාවක දී, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඔබට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම ප්‍රමාදවීම, අපහසුවීම හෝ නොහැකිවීමට පවා හේතු විය හැකි බවයි.

    මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.