January, 28, 2025
2025 අංක 01 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (29) පෙරවරුවේ දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (28) දින රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මීට පෙර අවසන් වරට පසුගිය වසරේ නොවැම්බර් 26 දින කටයුතු කර තිබුණු අතර එහිදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමටත් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වාදීමටත් පියවර ගන්නා ලදී.
ඒ අනුව එව අවස්ථාවේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබුණි.
Video Story