May, 28, 2018
2018 අප්‍රේල් 27 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,927.31 ක් දක්වා වැඩි වී ඇත.
ඊට මාසයකට පෙර, එනම් 2018 මාර්තු 29 දිනට වාර්තා වූ නිල සංචිත වත්කම් අගය ඩොලර් මිලියන 7,319.75 කි. මේ අනුව ඩොලර් මිලියන 2,607.56 කින් අප්‍රේල් මාසය තුළ දී සංචිත වර්ධනය වී තිබේ.
විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,353.26 සිට ඩොලර් මිලියන 9,015.35 ක් දක්වා ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ වාර්තාවකි.

Video Story