January, 3, 2017
පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රුපියල් කෝටි 1,300 ක වටිනාකමකින් යුතු රුපියල් 5,000 නෝට්ටු මහ බැංකුවෙන් පිට කර ඇති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනෙක අනාවරණය කළ අතර එම ප්‍රකාශය සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් විය. මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුද අවස්ථා කිහිපයක දී අදහස් දක්වමින් අදාළ ප්‍රකාශය තහවුරු කරන ලෙස මුදල් අමාත්‍යවරයාට අභියෝග කර සිටියෝය.
කෙසේ වෙතත් අද (03) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් විමසා සිටි අතර එහිදී අධිපතිවරයා පැවසුවේ ඒ පිළිබඳව මෙතෙක් කර ඇති දළ විමර්ෂනයක දී එයාකාරයෙන් මහ බැංකුවේ සුරක්ෂිතාගාරවලින් මුදල් අඩුවීමක් සිදු වී නොමැති බව කියා සිටියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ අතර ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට චෝදනා ලැබ සිටින ප්‍රාථමික නිකුතු සමාගම වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගම තව දුරටත් ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කටයුතු කරනවා දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, අදාළ සමාගමේ බලපත්‍රය අත්හිටුවීමක් මෙතෙක් සිදුකර නොමැති බවත්, රාජ්‍ය ණය සුරැකුම් වෙන්දේසි සඳහා ඔවුන් මේ වන විටත් ලංසු ඉදිරිපත් කරමින් ඒවාට හවුල් වන බවත්ය.
Video Story