මහ බැංකුවේ රන් සංචිතයේ කැපීපෙනෙන වැඩිවීමක්

    October, 8, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,178 සිට ඩොලර් මිලියන 6,243 ක් දක්වා 1.1% ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.

    මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වන රන් සංචිතය 2025 සැප්තැම්බර් මාසය තුළ දී 11.9% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    එහිදී 2025 අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 52ක් ලෙසින් වාර්තා වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිතයේ වටිනාකම 2025 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 58ක් දක්වා ඉහළ ගොස් ඇත.

    2025 ආරම්භ වන විට මහ බැංකුව සතුව පැවති රන් සංචිතවල වටිනාකම වාර්තා වූයේ ඩොලර් මිලියන 40ක් ලෙසිනි. ඒ අනුව මෙම වසරේ මුල් මාස 09 තුළ දී මහ බැංකුව සතු රන් සංචිතයේ 45%ක වර්ධනයක් වාර්තා වේ.

    Video Story

    Stock Market

    Exchange Rates