February, 12, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින්, මහ බැංකුවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවිවල සංසරණය වීමේ ඉහළ යෑමක් මෑතක දී නිරීක්ෂණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු බළ නොකරන බවත්, සියලු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ “රැකියා” යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පමණක් පළ කරනු ලබන බවත්, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.

Video Story