මහ බැංකුවේ සංචිතවල නවතම තත්ත්වය

    August, 14, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2017 ජූලි 31 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,708.72 ක් බව නවතම මහ බැංකු වාර්තාවක සඳහන් වේ.

    මෙය 2017 ජූනි මස අවසානය වන විට පැවති ඩොලර් මිලියන 6,959.03 ක නිල සංචිත ප්‍රමාණය හ සැසඳීමේ දී පහළ යාමකි.

    මෙසේ සංචිත ප්‍රමාණය පහළ යාමට මූලික වශයෙන් බලපා ඇත්තේ ජූනි මාසයේ තිබූ ඩොලර් මිලියන 6,001.13 ක විදේශ විනිමය සංචිතය, ජූලි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,733.04 ක් දක්වා පහළ යාමයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 890.04 සිට ඩොලර් මිලියන 907.03 දක්වා වර්ධනය වී ඇත.

    පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.