August, 6, 2025
මෙරට ක්‍රියාත්මක කැසිනෝ සමාගම් දෙකකට සහ රාජ්‍ය බැංකුවක් වෙත පරිපාලනමය දණ්ඩන පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.
මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන හයයි දශම පහ (රු. 6,500,000.00) කි. එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.

Video Story