June, 25, 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2018 ජූනි 19 දින විවෘත කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව අද (25) දින අවසන් කරන ලදී.
මෙම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 700 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබුණි.
පරිණත කාල තුනක් යටතේ විවෘත කෙරුණු මෙම සංවර්ධන බැඳුම්කර නිකුත්ව සඳහා ආයෝජකයින්ගේ වැඩි උනන්දුවක් පැවතියේ වසර 2 යි මාස 10 බැඳුම්කර වෙනුවෙනි. ඒ සඳහා ඩොලර් මිලියන 829.60 ක ලංසු ලැබී තිබුණු අතර එයින් ඩොලර් මිලියන 693.89 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
එසේම වසර 3 යි මාස 10 බැඳුම්කර සඳහා ලැබුණු ඩොලර් මිලියන 44.11 ක ලංසුවලින් ඩොලර් මිලියන 6.11 ක ලංසු අනුමත කෙරිණි.
පහත දැක්වෙන්නේ මේ පිළිබඳ සටහනකි.

Video Story