මහ බැංකුව තවදුරටත් පොලී අඩු කරයි

    October, 5, 2023

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ඊයේ (2023 ඔක්තෝබර් 04) දින පවත්වන ලදී.

    එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙලින් සියයට 10.00 සහ සියයට 11.00 ක් දක්වා පහළ දැමීමට තීරණය කර ඇත.