මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දමයි

    July, 29, 2016

    උද්ධමන පීඩන ක්‍රමයෙන් ඉහළ යෑම වළක්වා ගැනීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස අධි ඉල්ලුම් තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සහ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳමා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩ් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ අනුව 2016 ජූලි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොළී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙලින් 7% සහ 8.5% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.