January, 31, 2017
රුපියල් මිලියන 28,000 ක මුදලක් රැස් කර ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (01) දිනයේ දී කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම වෙන්දේසියේ දී දින 91, දින 182 හා දින 364 යනා දී වශයෙන් පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පිළිවෙලින් රු. මිලියන 5000, 13000 හා 10000 බැගින් නිකුත් කිරීමට නියමිතය.
මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ඇත.
Video Story